අයියේ, බස් එකේ කොල්ලෝ ඉන්නේ පිටිපස්සේ. එන්න පිටිපස්සට

මේකත් වුනේ මීට අවුරුදු ගානකට කලින්. සත්‍ය සිදුවීමක්. සියළුම බනින ඇනෝ කොමන්ට් භාරගනු ලැබේ.මම නම් පෞද්ගලිකව බස් වල කෝච්චි වල ගෑණු ළමයින්ට ජැක තියෙනවා කියලා කියන්නේ, අන්න ‍ඒ දේට විරුද්ධයි. මොකද කියනවානම් මගේ මතයට අනුව ඒක මහ කුප්ප වැඩක්. කොච්චර පිස්සු කෙලියත් ඒ වගේ වැඩ අපේ සෙට් එකේ එවුන් කරන්නේ නෑ.


මේක වුනේ අපේ මෆහැලිගම කියලා කාඩ් එක වැටිලා තියෙන බස් එකේ යද්දී. හරි නම කියන එක හරි නෑනේ. හැබැයි මේ සිද්ධිය වුනාට පස්සේ අපි නම් ටිකක් බයෙන් හිටියේ. දැන් නම් අවුලක් නෑ.

ඉතින් වෙනදා වගේම සෙට් එක ආතල් එකේ පිස්සු කෙල කෙල බස් එකේ ආවා. අපේ හෝල්ට් එකට කලින් තියෙන ප්‍රධාන හෝල්ට් එකට තවත් හෝල්ට් 4ක් විතර කලින් අපේ සෙට් එකට පොඩි වැඩක් මීටර් වුනා. ඒක තමයි අපිත් එක්ක පිස්සු කෙලින කෙල්ලෝ සෙට් එකට පොරක් හිටු කියලා ජැක තියනවා. නිකම් නම් කමක් නෑ. ඩයල් එක මලක් ගහලා වගේ හිටියේ.

ගලක්ද මලක්ද කියන්න දන්නේ නෑ. හැබැයි වෙරි මරගාතේ හිටියේ. මේක දැකපු අපේ එකෙක් එක පාරටම කිව්වා අරූට කථා කරලා,

"අයියා, බස් එකේ කොල්ලෝ ඉන්නේ පිටි පස්සේ. ‍වරෙන් බන් මෙහාට" කියලා.

මෙක අහපු අරූට මල පැන්නා

"ඇයි හු** තෝ හිතුවාද මම ක්ලයින්ෆෙල්ටර් සින්ඩ්‍රෝම් තියෙන එකෙක් කියලා යකෝ"

මේ ආකාරයේ මෙකී නොකී කුණු හරුප වැලක් මුගේ සුන්දර අධෝ මුඛයෙන් පිට වුනා. ආයේ අපි සෙට් එක නිකන් ඉඳයිය.

"ඒක නම් ෂුවර් නෑ අයියා. චෙක් කරන්න වෙනවා"

අරූට තවත් මල පැන්නා. මූ බස් එකේ අපි හිටපු දිහාට ඇවිල්ලා අපේ එකෙක්ගේ කණට ගැහුවා.

ඔන්න වලි කාපර් කෙනෙක් කියන්නේ. "ගේමකට ගියාම අනිත් එකා තමන්ට මුලින් පාරක් දෙකක් ගහනකන් ඉන්න" එතකොට තමා පොලීසියට කියන්න පුළුවන්නේ තමාගේ ආත්මාරක්‍ෂාවට ගත්ත ක්‍රියා මාර්ගයක් කියලා.

දැන් ඉතින් වලිය පටන් ගත්තා. අර පොරට නියමෙට වැදුනා. මට මතක විදියට දතකුත් ලේනාට දුන්නාද කොහෙද. අපි සෙට් එක අරූට නෙලලා නෙලලා අර මම මුලින් කිව්වා ප්‍රධාන බස් හෝල්ට් එකින් එලියට දැම්මා. නිකන් නෙමෙයි. අපෙ සෙට්එකේ මමත් ඇතුළුව තවත් පස් හය දෙනෙක් කරාතේ කරපු උන්. එකෙක් ගහපු මාවාශියට අරූ බස් එකෙන් එලියේ. (මට හරියටම මතක නෑ මොකක්ද කික් එක කියලා. මතක හැටියට යොකෝ එකක් හරි මාවාෂියක් හරි තමා)

මෙන්න මේක තමා මට මතක විදියට අරූට වැදුනේ.

කොහොම හරි පොරට ඒ පාර සැරට වැදුනා. හිතන්න එපා අපි කරාටි කලේ මිනිස්සුන්ට ගහන්න කියලා. හැබැයි මේ වගේ අවස්ථාවල නොගහත් බෑනේ.

මෙන්න මේ හේතුව නිසා තමයි මම කිව්වේ බනින ඇනෝ කොමන්ට් භාරගන්නවා කියලා. හැබැයි කියවන්න බැරි තරම් කුණුහරුප තිබ්බොත් නම් ඒවා ඩිලීට් වෙයි. කරන්න දෙයක් නෑ.

කොහොම හරි දැන් අරූ බස් එකින් එලියේ. කොන්දා එලියට ඔළුව දාලා අරූට හිනාවෙනවා.

අරූ දැන් මෙහෙම කෑ ගහන්න පටන් ගත්තා.

"අඩෝ කැ** තොපි දන්නවාද මම කවුද කියලා? යකෝ මම තමයි **** (බලධරයා විසින් නම කපා හරින ලදී). තොපිලා ඔක්කොම බාවනවා යකෝ"

"අඩෝ එලියට බැහැපන් ඩෝ. @$%$%$*$%*(@$$!$%%&%$*@$%$%&"

"මොකද ඩෝ බයද? බැහැපිය @$%!$&^$%$%*($%"

සෙට් එකම බැස්සා එලියට.

"බාවපන් දැන් බලන්න."

"කොයි තොගේ සෙට් එක"

"බස්සපන් බලන්න අර කිව්ව ත්‍රී වීල් සෙට් එක"

"ඇයි යකෝ තෝ හිතුවාද අපි තෝ කියන ඒවා අහගෙන ක්ලයින්ෆෙල්ටර් ඩයල් වගේ යයි කියලා"

මූට ආයෙත් අල්ලාගෙන දෙකක් නෙලලා තමයි ආපහු බස් එකට අපි සෙට් එක නැංගේ. පස්සේ තමයි ආරංචි වුනේ ඌ ඒ පැත්තේ පොරක් කියලා. අපි ගහලා තියෙන්නේ හිරෙන් නිදහස් වෙලා ආපු දවසේලු

හැබැයි ආපහු නම් ඌ අපිට පේන්න හිටියේ නෑ.

---------------------------------------------------------------------------------------------------------------------------------
ක්ලයින්ෆෙල්ටර් සහ ලක්‍ෂණය යනු ජානමය විකෘතියකි. එහිදී ස්ත්‍රී බවට අදාල වන XX ජාන හා පිරිමි බවට අදාල වල XY ජාන යන දෙකොටසම මිශ්‍ර වී XXY අයුරින් පිහිටයි.


---------------------------------------------------------------------------------------------------------------------------------