ඇමරිකාව සලිත වෙයි...

දින කීපයකට ඉහතදී උපවාස මාමා විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක් නිසා ඇමරිකාව සලිත වී ඇත. ඒ අනුව ඔහු පවසා ඇත්තේ ඇමරි(කාණු) නිශ්පාදන වර්ජනය කරන ලෙසිනි.

මෙම ප්‍රකාශය නිසා මුළු‍ ඇමරිකාණු ආර්ථිකයම කඩා වැටී ඇති බව වාර්ථා වන අතර බොහෝ ප්‍රධාන පෙලේ සමාගම් වල හිමිකරුවන් හට යන එන මං නැතිවී යන තත්වයක් උද්ගතව ඇත.

ඩොමේන් එක මාරු කොරන්ට තනන්නේ

කලින් තිබුණ ඩොමේන් එකින් අවුල් නිසා

ඉන්දියාවේ ගිහින් කෙල්ලන්ට අනං මනං කීම හා ගුටි (නො)කෑම

"අඩේ මචං කෑවයින් කෑවේ නෑ එහෙම පරිප්පුවක්. අර මොකාදෝ එකාට මොකක්ද වුනා වගේ වැඩක් තමා අපේ සෙට් එකට ඉන්දියාවේ ගිහිල්ලා වුනේ."

ඒ මාගේ හොඳම මිත්‍රයෙක් ඔහුගේ යම් කිසි ක්‍රීඩා කණ්ඩායමක් සමඟින් ඉන්දියාවේ ගොස් පැමිණි පසු මට පැවසූ පුවතකි. එය දැන ගැනීමට මම ඔහුට සමීප වූවෙමි.



"මොකක්ද බන් වුනේ???"

ඔහු-"මොකක්ද දියන් මට ඇන්ත්‍රැක්ස් ටිකක් ගිලලා මැරෙන්න"

මම-"යකෝ ඒවා ගිලින්න ඕනේ නෑ :p"

ඔහු-"මොකක් හරි බන්. වහ කුණු සිද්ධියක් වුනෝ!!!"

මම-"මොකක්ද?"

ඔහු-"අහගනින්කෝ සීන් එක"

ඔහු පැවසූ කථාව රසකර දමමි.

මචං, උඹ දන්නවානේ අපේ සෙට් එක ඉන්දියාවේ ගියා මැච් එකකට. ඉතින් ගිහිල්ලා ඔය ඉන්දියාවේ ප්‍රසිද්ධ කියන තැන් දෙක තුනක් බලන්නත් සෙට් එක ගියා.

ඉතින් ඔහොම යද්දී අපි බොහෝත් අච්චා සුන්දර් ස්ත්‍රී (‍ලර්කී) හේ දැක්කා (මූත් කතන්දරගේ සිස්ටම් යූස් කරනවා වගේ. හැබැයි අවුරුදු 4කට විතර කලින්) ඉන්දියාවේ දැකපු සුන්දරම කෙල්ලෝ ටිකක්. ඉතින් අපේ එවුනුත් ලඟට ගිහින් පැණිය දාන්න ගත්තා. කඩ්ඩෙන් කොටනවා කොටනවා. මුන්ට ඉස්කෝලේ ඉංග්‍රීසි පීරියඩ් එකේ සර් ගුටි දුන්නත් එන්නේ නැති කඩ්ඩ චීත්ත කෑල්ලක් දැක්කාම එනවානේ.

ඉතින් අපේ එවුන් ඒ ඉන්දියාවේ කෙල්ලෝ ටික ආතල් එකේ බයිට් කලා. ආයේ උන්ට සිංහල තේරෙනවා කියලාය. එකෙක් කියනවා අඩේ මේකි නම් සුපිරි කියලා. තව එකෙක් තව දෙයක්. ඔහොම ඔහොම කියල කියලා උන් ටික යන්නත් හැරුණා.

මෙන්න බොලේ මේ කෙල්ලෝ ටිකගේ ටී ෂර්ට් වල ගහලා තියෙනවා අහවල් පාසල කැන්ඩි කියලා...