සුභම සුභ වස්සාන මංගල්‍යයක්ම වේවා

අදින් උදාවෙන අළුත් අවුරුද්ද...........
අවිද්‍යාවට විද්‍යාවත්,
මිත්‍යාවට යථාර්ථයත්,
අසුභ දසුනට සුභ සිහිනයත් කැන්දන,,,,,,
බොදවී යන සුභ අනාගතය විශ්වාසනීය වෙනසකින් සවිමත් වෙන,,,
සැබෑ විරුවන් වෙනුවෙන් රනින් ජය දද නැගෙන,,,
අයුක්තියට යුක්තියෙනුත්,
දූෂණයට සාධාරණයෙනුත් උත්තර බදින
බොරු මවාපෑම් වලට යට නොවී සැබෑවටම නිදහස් සුව විදින්නට අහැකි....
සුන්දර දේශයක්.....
හිත අස්සේ කොහේ හෝ හැංගීතියෙන අවිහිංසක බලාපොරොත්තු දහස් ගණනත්,......
විජයග්‍රාහී අනාගතයක සුභ සිහිනත් ඉටුවන
සුභම සුභ වස්සාන මංගල්‍යයක්ම වේවා........ !!!!!!!

මම මොකක් හරි පෝස්ට් එකක් දාන්නම් කියලා හිතුවත් මම ලියන්න හිතපු දේවල් ඊටත් වඩා ලස්සනට ලියලා තිබුනා. ඒක නිසා රචකයාගේ අවසරයෙන් ඒක පල කරනවා.

සැමටම සුභ වස්සාන මංගල්‍යක් වේවා !!!

සුනාමි අවධානමක්-සීරුවෙන් සිටින්න

සුළු මොහොතකට පෙර සුමාත්‍රා දිවයින ආසන්නයේ 8.7ක විශාලත්වයෙන් භූ කම්පාවක් සිදුවී ඇති අතර වෙරලබඩ ජනතාවට සුනා‍මි තත්වයන් ඇතිවිය හැක. මෙම මුහුදු රළ ඇතිවූවහොත් ප.ව 4.20 පමණ වන විට ලඟාවිය හැකි බවත් දන්වා ඇත. දකුණු,නැගෙනහිර, බස්නාහිර, වෙරළ තීරයේ ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස දැනුම් දී තිබෙනවා.

http://tsunami.geo.ed.ac.uk/local-bin/quakes/mapscript/show_map.pl

ඉන්දුනීසියාවේ අද දහවල් ඇතිවූ ප්‍රබල භූකම්පනයෙන් අනතුරුව රටවල් ගණනාවකට නිකුත් කෙරුණු සුනාමි අනතුරු ඇගවීමට ශ්‍රී ලංකාව ද ඇතුළත්ව තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන‍්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්.ඩී. දයානන්ද මහතා පැවසුවේ අද සවස 4.10 වන විට ත්‍රිකුණාමලයට සුනාමි බලපෑම එල්ලවීමට ඉඩ ඇති බවය.

සවස 4.50 වන විට කොළඹට ද, සවස 6 වන විට යාපනයට ද එම බලපෑම එල්ලවනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පැවසීය.
https://www.facebook.com/rasikarrkck


සුනාමි අවධානම පහව යයි. සුනාමි රළ හට ගැනුනහොත් පැමිනෙතැයි අපේක්ෂා කල කාලයන්ට එම තරංග සිදු නොවූ නිසා සුනාමි අවධානම පහව යන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. 


උද්භිත උද්‍යානය

රත්තාගේ කළු කුහරය හා මගේ පරණ පිස්සුව ඇවිස්සීම

අපේ බ්ලොග් ලියන රත්ගම මේ ලඟදී කළු කුහරයක් ගැන පෝස්ට් එකක් දාලා තිබුනා. විද්‍යා ප්‍රබන්ධයක්. ඒ මනුස්සයා කරපු ඒ වැඩෙන් මගේ පරණ තිබුන පිස්සුවක්

මොනවත්ම ලිව්වේ නෑ නේ :(

කාලයක් තිස්සේ බ්ලොගයට මොනවත්ම ලියන්න බැරි වුනා. පුදුම විදියට කාර්යබහුල වෙලා හිටියේ. ඇනිමේෂන් වැඩයි, වෙබ් ඩිවලපින් වැඩයි ඒ මදිවාට මියුසික් වීඩියෝ එකකුත් මේ දවස්වල කරනවා. ඒ ටික ඉස්සරහට එනවා. ඒත් එක්කම කාර්යබහුල බව ටික ටික අඩුවෙන්න පටන් අරන් තියෙනවා. ඒක නිසා ආපහු බ්ලොගයේ පෝස්ට් එනවා. යාළුවන්ට නිකං මේ බ්ලොග් එක අමතක වෙලා වගේනම් බුක්මාර්ක් එකක් දාගෙන තියාගන්න. අළුත් දෙවල් ගොඩක් ඉස්සරහට එනවා :D

නිකමට මේ වීඩියෝ එකත් බලලා යන්න.