ඊලඟ පිටුව

ඔන්න ඉතින් අපි අළුත් වැඩක් කියලා LAN එකක් එහෙම ගහලා සර්වර් එකක් ඇඩ් කරලා පොඩි පහේ නෙට්වර්ක් එකක් හදන්න පටන් ගත්තා. වැඩිය කොම්පියුටර් තිබුනේ නැහැ. කොමිපියුටර් 60ක් වගේ තමා තිබ්බේ. දැන් ඉතින් මේකේ නෙටර්වර්ක් හදන්නත් එපෑය. ඕකට ඉතින් අපි බහින්නේ නැතිව හොද‍ ‍ප්‍රොෆෙෂනල් කෙනෙක් ගෙනාව. යතුරු හරවපු එකේ නෙට්වර්කින් කෝර්ස් එකක් කරපු පොරක්. :D
ඔන්න ඉතින් දැන් මිනිහත් වැඩේට බැහැලා. හරවපු යතුරෙන් දීපු Windows Server OS 2003 එක එහෙමත් සර්වර් එක ෆෝමැට් කරලා දාලා දැන් වැඩේ නැගලා යනවා.

ඔන්න ඉතින් පොර දැන් එක පැත්තක දෙන්නෙක්ට නෙට්වර්ක් කේබල් ක්ලිප් කරන්නත් බාර දිලා තියෙන්නේ. (ඒ මටත් ක්‍රොස් ඕවර් එකක් හදල ඕනේ ඈ...) අර ඩබලට කොල කෑල්ලකුත් දීලා තියෙනවා. අර කේබල් Diagram එකද මොකක්ද කිව්වා.

ඈ කවද අහපු ග්‍රෑම් ජාතියක්ද ඒ කියලා බලලා ආපහු වට පිට බලද්දී අර පොර පොතකුත් තියාගෙන මොනවදෝ කියවනවා.

මම ඉතින් ලඟට ගිහින් ඇහුවා "මොකක්ද බන් ඔය?"

"මචන්, මේකයි බන්. කෝස් එක කරලා අවුරුද්දක් විතර වෙනවානේ. ඒකේ කරපු ඒවා අමතකයි. ඉතින් මම මේ පොතත් ගෙනාව. කෝස් එකේ කරපු පොත බන්."

"පොඩ්ඩක් දියන්කෝ බලන්න."

ශා එලට පොත නම් ලියලා තියෙනවා. ඩොමේන් server එකක් හදන හැටි. ඊලඟට මකන හැටි. පිලිවෙලට ඔක්කොම කියලා දීලා තියෙනවා.

"එල එල මචන්. ඔහොම කරගෙන යමු"

"අනිවා බන්"

දැන් තව ටිකකින් බලද්දී මෙයා ඩොමේන් සර්වර් හදනවා. අවුල් ටිකක් ආවත් මමත් එකතු වෙලා වැඩේ ගොඩ දාගත්ත.

රවුමක් එහෙම ගහලා එද්දී අර අමාරුවෙන් ගොඩ දාගත්ත ඩොමේන් සර්වර් එක මෙන්න මූ අන් ඉන්ස්ටෝල් කරනවා. මටත් මාර අප්සට්. ඇයි මමත් පොර සේ කියලා දුන්නානේ හදන හැටි.

මම ශේප් එකේ ලඟට ගිහින් ඇහුවා "ඇයි බන් මේක අයින් කරන්නේ"

"නෑ බන්. මේක තමයි ඊලඟ ස්ටෙප් එක. බලපන්කෝ පොත අරන් :p"

මමත් පොත ගත්තා. හුටා. මුලින් උන්ට කියලා දීලා තියෙන්නේ ඉන්ස්ටෝල් කරන හැටි. පස්සේ අන් ඉන්ස්ටෝල් කරන හැටි. මේ යකා හිතලා තියෙන්නේ ඒක තමයි ඊලඟට කරන්න තියෙන දේ කියලා.

අයියා කැරට් තියෙනවාද?

http://urbantitan.com/wp-content/uploads/2010/04/Bugs-Bunny.jpg

මතකද අර හාවයි ඉබ්බායි රේස් එකෙන් පැරදිච්ච හාවා. එන්න ඒ හාවා දවසක් හාඩ්වෙයාර් එකකට ගිහින් ඇහුවාලු
"අයියා, කැරට් තියෙනවාද?" කියලා.


එතකොට ඒ අයියා කිව්වාලු අනේ හාවෝ. මේක හාඩ්වෙයාර් එකක් මේකේ කැරට් නෑ කියලා.

ඉතින් ඊලඟ දවසෙත් හාවා ඇවිත් ආපහු ඇහුවලු
"අයියේ කැරට් තියේද?" කියලා.

එතකොට ටිකක් තරහ ගිය අයියා කිව්වාලු "මෙහේ ඇති කැරටක් නෑ හාවෝ. මේක හාඩ්වෙයාර් එකක්" කියලා.

ඔන්න ඉතින් හාවා ඊලඟ දවසෙත් ඇවිල්ලා ඇහුවාලු "අයියා කැරට් තියෙනවාද?" කියලා.

හොඳටම තරහ ගිය අයියා කිව්වාලු
"ඇයි යකෝ තොට එක පාරක් කිව්වා නේද මේක හාඩ්වෙයාර් එකක් කියලා. ආයේ මේ පැත්තේ ආවොත් මරලා එල්ලනවා" කියලා.

ඉතින් අර හාවා ඊලඟ දවසෙත් ආවලු. ඇවිල්ලා ඇහුවාලු
"අයියා ලණු තියෙනවාද?" කියලා.

මලා. ලණු ඉවරයි.

අයියා කිව්වාලු "අනේ හාවෝ ලණු ඉවරයි නේ" කියලා.

හීන් හිනාවක් දාගත්ත හාවා කිව්වාලු

"එහෙනම් අයියේ දෙන්නකෝ හොඳවයින් කැරට් අලයක්"

අවශ්‍ය ටියුටෝරියල් මොනවාද?

මට ටියුටෝරියල් හදන්න දෙයක් හිතාගන්න බෑ. ඒක නිසා ඔයාලාට අවශ්‍ය දේවල් මෙතන කොමන්ට් කරන්න.

  1. විෂුවල් බේසික්
  2. ෆොටෝෂොප්
  3. ආ‍ෆ්ටර් ඉෆෙක්ට්
  4. තමන් කැමති දෙයක්...
තමන් කැමති දෙයක් වුනත් ලියන්න. මම දන්නවානම් හදන්නම්. ඒ වගේම කියන්න ඕනේ මම මේ වීඩියෝ ටියුටෝරියල් අප්ලෝඩ් කරන්නේ ගොඩක් අමාරුවෙන්. මොකද සාමාන්‍යයෙන් විනාඩි 5ක් මෙගා බයිට් 100ක් වගේ වෙනවා. එතකොට පැයක් විතර ගන්නවා අප්ලෝඩ් කරන්න. ඒක නිසා ඔයාලාගේ කොමන්ට් මට ගොඩක් වටිනවා.

ඉතින් කැමති දේ කියන්න. වෙලාව තියෙන විදියට මම වීඩියෝ ටියුටෝරියල් හදලා අප්ලෝඩ් කරන්නම්. ආ... තව HTML පුළුවන්. Dreamweaver වලින්. 

එහෙමනම් කොමන්ට් කරන්න. කොමන්ට් කරන පිලිවෙලට වගේ තමයි මම වීඩියෝ ටියුටෝරියල් හදන්නේ. හැබැයි එක දෙයක් කියන්න තියෙනවා. ඇනෝ කොමන්ට් නම් භාරගන්නේ නෑ. Hikz...

කාටූන් වළාකුළු

කාලෙකින් ආපහු වීඩියෝ ටියුටෝරියල් එකක් දැම්මා. කොමන්ට් නැති වුනාම මහන්සිවෙලා වීඩියෝ ටියුටෝරියල් හදන්න හිතෙන්නේ නැහැ.
ඒත් ඉතින් කාලෙකට පස්සේ ආපහු වීඩියෝ ටියුටෝරියල් එකක් දැම්මා. මේකෙන් පෙන්නන්නේ කාටූන් වළාකුළු ෆොටෝ ෂොප් එක ඇතුලතදී පහසුවෙන්ම හදාගන්න හැටි.

මෙන්න මෙතනින් යූටියුබ් අඩවියෙන්ම බලාගන්න පුළුවන්. Embed පහසුකම භාවිතා නොකලේ එතනදී වඩාත් පැහැදිලිව මේක බලාගන්න පුළුවන් නිසා.

http://youtu.be/Ux6gfBKZU4M