මහ රැයක මිතුරෙකු සමඟ මොකක්දෝ සොයා....

ජීවිතේ ගලාගෙන යද්දී රසබර සිද්ධි වගේම කටුබර සිද්ධිත් ඕනතරම් වෙනවානේ. මේත් ඒ වගේ එකක්.
ඔන්න එකපාරක් අපි ඉස්කෝලේ තිබ්බ වැඩකට නයිටක් ගහන්න සෙට් වුනා. අපි සෙට් එකක්ම සෙට් වෙලා හිටියේ. මටත් ඉතින් ඔහෙ කරන්න වැඩක් නැති නිසා සෙට් වුනා.

The Tumor විද්‍යා ප්‍රබන්ධය

"මචන්, පැනඩෝල් එකක් තියෙනවාද ?" සුපුන් තමා අසල සිටි මිතුරාගෙන් විමසා සිටියේ පැවති හිසේ කැක්කුම දරා ගැනීම අසීරු වූ බැවිනි.

"නෑ බන්. යන යන තැන පැනඩෝල් ගෙනියන්න මොකෝ මම දොස්තරය..." ඔහු සිනහසෙමින් පිළිතුරු දුන්නේ මිතුරාගේ හිසේ රුදාව එතරම් බරපතල නොවේ යැයි සිතමිනි.

"මචන්, මට නිකන් කැරකිල්ල වගේ" හිස අල්ලා ගත් සුපුන් මේසය මතට වේගයෙන් පතිත විය.

සිහිය ලබන විට ඔහුගේ ඇඳ වටා මිතුරන් කිහිප දෙනෙකුම රැස්ව සිටියේය. ඒ ඔහුගේ විශ්ව විද්‍යාලයේ සම වයස් මිතුරු කණ්ඩායමයි.

"මොකද බොල වුනේ?" "ඔවුන් අතරින් කටකාරම මිතුරා විමසීය.

"කවුද බන් දන්නේ. එක පාරටම ඔළුව කැරකෙන්න අරන් කලන්තේ හැදුනා. කවුද මාව හොස්පිටල් ගෙනාවේ?"

"ඇයි, අර උඹ ලඟ හිටිය එකාම තමයි."

"ඌ ඔය පැත්තකට වෙලා ඉන්නේ මූඩ් ගහලා. ඌට අප්සට් උඹේ ඔළුවේ කැක්කුම ‍ජෝක් එකකට ගත්තා කියලා."

"ඌට කියහන් බන් අවුල් ගන්න එපා කියලා බන්. පව් බන් පොර. එච්චර හිතන්න නැතිව ඇති. මටත් එච්චර තේරුමක් තිබ්බේ නෑ. ඩෝක්ටර්ලා මොකක්ද බන් කිව්වේ?"

"දන්නෑ බන්. තාම රිපෝට් ආවේ නැනේ. ආවහම බලමු."

ඔහු තම උසස් අධ්‍යාපනය සිදුකලේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේය. ඒ දොස්තර වරයෙක් වීමටයි. කුඩාකල සිට තමාගේ තිබුන ඉලක්කය වූ මෙඩිකල් ෆැකල්ටියට ඒම සපුරා දැනට වසර 3කි. තව වසරකින් අනතුරුව වෛද්‍යවරයෙක් වීමට සිට සුපුන් නැවතත් හිස කොට්ටය මත තබාගෙන නින්දට පිවිසියේය.


ජයග්‍රහණයේ පෙළහර

නැවතත් වරක් කිංස්වුඩ් නම බැබලවූ අප නාට්‍ය ඒකකයේ සොයුරන්ගේ ජයග්‍රහණයේ පෙළහර 2012,
ඔබ සඳහාම මහජන දර්ශණය කිංස්වුඩ් වේදිකාවේදී ජූලි මස 31 දින සවස 5.30 ට වේදිකා ගතවේ. එදින

  • හිරි ඔතප්
  • පළවෙනි පාඩම
  • එහෙම වෙන්නේ ඇයි
යන නාට්‍ය ත්‍රිත්වයම වේදිකා ගත වීමට නියමිතව ඇත. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් පහත අයගෙන් වැඩි දුරටත් විස්තර විමසිය හැක.

https://www.facebook.com/vimukthimudalige

https://www.facebook.com/sdglhm

https://www.facebook.com/pathumxor