විද්‍යා ප්‍රබන්ධය- නමක් නැත තවම

රත්ගමයාගේ විද්‍ය ප්‍රබන්ධය නිසා මගේ කලින් ලියලා තිබුන (අවුරුදු 4කට කලින්) ඉවර නොකරපු විද්‍යා ප්‍රබන්ධය ආපහු ලියන්න හිතුවා. ඉතින් මුල්ම කොටස මෙතන තියෙනවා. දිගටම කියවන්න උවමනා අය කොමන්ට් එකක් දාලා යන්න.


ස්ථානය- Area 51 (රහසිගත)
දිනය- 2100.08.02
වේලාව-23.55

සර් අපේ දැනුම දැන් උපරීම මට්ටමකට ඇවිල්ලා. අපි දැනුම කුලියට ගත්තා ඇති කියලා හිතෙන්නේ නැද්ද? නිසල් පැවසුවේය. ඔව් නිසල්. දැන් මටත් එහෙම හිතෙනවා. මොකද අපි දැන් කුලියට පැහැර ගන්නන් වෙලා. එසේ පවසා අවසන් වීමට ඉඩ ලැබුනේ නැත. අනතුරු හැඟවීමේ නලාව නාද වන්නට විය. ගින්නක් ඇතිවුනා. අපිට පහර දෙනවා. හදිසි පිටවුම් දොරටුව දෙසට දිවයමින් සිටි එක නිලධාරියෙක් පැවසීය. අපි යමු බලන්න. ප්‍රධාන නිලධාරියා එසේ කියා අවසන් වනවාත් සමඟ විදුලිය විසන්ධි වී හාත්පසම අඳුරින් ගිලී යද්දී විදුලි ජනක යන්ත්‍රය ක්‍රියාත්මක විය. නමුත් විදුලි ජනකයටද හානි වී තිබූ නිසා ප්‍රධාන පරිගණක කාමරයට හා කොරිඩෝවට පමණක් විදුලිය සැපයීමට ස්වංක්‍රීය පද්ධතිය කටයුතු කර තිබිනි.

තද ආලෝකය මැදින් අඳුරු සෙවනැලි තුනක් මතුවන්නට විය. දෙපසට වැනෙමින් වැනි ආකාරයකින් ඒවා ප්‍රධානියා සිටි දෙසට එනු කොරිඩෝවෙන් පැමිණි තද ආලෝකයට දෑස් හුරුකර ගනිමින් සිටි ප්‍රධානියා දුටුවේය.

ඔවුන් සිටි කාමරය තවමත් අඳුරේය. සිදුවන්නට යන්නේ කුමක් දැයි දෙදෙනාගෙන් එක් අයෙකුටවත් පැහැදිලි නැත. නිසල් කවුද ඒ?

14 comments via blogger:

  1. විද්‍යා ප්‍රභන්ද මම කැමතිම දෙයක්. දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අයියේ (සර් නේද?) මම මේක දිගටම ලියන්න හිතාගත්තා. මේක මම ලියන්න පටන් ගත්තේ මම 7 වසරේ ඉන්නකොට. මේ එතකොට ලියපු එකට පොඩි සංස්කරණයක් දාලා විතරයි. පිටු 160 පොතක් ඉවර වෙනකල් ලියලාත් මේක ලියලා ඉවර කරන්න බැරි වුනා. මේ ටික විතරයි කොම්පියුටර් එකේ මම ටයිප් කරලා තිබ්බේ. දැන් ආයෙත් ගේ පෙරල පෙරල පොත හොයනවා. :)

      Delete
  2. ela ela... Digatama liyahan machan..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඇනෝ. මම මේක දිගටම ලියනවා

      Delete
  3. math kamathima widya prabanda.... digatama liyanna

    ReplyDelete
  4. අපොයි බඩේ අමාරුවට කක්කි දාල වගේ. මදි බං..

    අපිට මදි.. ලියපං !

    ReplyDelete
    Replies
    1. හික්. බඩේ අමාරුවට දෙන්න අර මොකක්දෝ එක. මදිනං තමා. ඒත් පොත හොයාගන්න වෙනවා ඉතිරි ටික ලියන්න. ඉවසීමෙන් සැනසීම ලැබේ කියනවානේ.

      Delete
  5. විද්‍යා ප්‍රබන්ධ වලට මම ආසයි. ඒත් මේක කියවන්න පටන් ගනිද්දිම ඉවර වුනානේ :(

    ReplyDelete
    Replies
    1. එහෙම වුන එකට සමාවෙන්න ඕනේ. මේක ඊලඟ කොටස මීට වඩා දිගට දාන්නම්. බොහොම ස්තූතියි

      Delete
  6. අනේ.... කොහොමහරි පොත හොයන් ලියන්ඩෝ.... නැත්නම් අලුතෙන් හිතලාම ලියන්න.....

    ReplyDelete
  7. ela ela digatama karagana yamu , jaya wawa !!

    ReplyDelete