ආ‍දරේ කියන්නේ ඇත්තටම මොකක්ද?

ඇත්තටම ආද‍රේ කියන්නේ තමන්ගේ කෙල්ලව ඇහැක් වගේ රැක බලා ගැනීමටද, එහෙමත් නැතිනම් ‍රූම් එකකට ඇදගෙන යාමද?

මට මේක මාර ප්‍රශ්ණයක්. කොල්ලෝ අපි හිතාගෙන (බහුතරය) ඉන්නේ කෙල්ලව මලක් වගේ රැක බලා ගැනීම සැබෑ ආදරය කියලා. බොහෝමයක් කෙල්ලෝ හිතාගෙන ඉන්නේ අතින් අල්ලාගෙන යන කොල්ලා, කිස් එකකින් විතරක් නවතින කොල්ලා අර කලින් කිව්ව සින්ඩ්‍රෝම් කාරයෙක් කියලා.

ඒත් ඉතින් මේ වගේ දෙවල් ඇත්තටම අත්විදිද්දී නම් පුදුම දුකක් ඇතිවෙන්නේ සමාජය ගැන. ඒත් ඉතින්. අපිට පුලුවන්ද මුළු සමාජයම වෙනස් කරන්න. අපි වෙනස් වෙමු. ඔව් යාළුවා අපි වෙනස් වෙමු. අපි හැමදාම හිතමු කෙල්ලව මලක් වගේ ආරක්ෂා කිරීම ආදරය කියලා

6 comments via blogger:

  1. ඒත් ප්‍රශ්නයක්..

    අපේ එකෙක් මලක් වගේ කෙල්ලෙක්ව බලා ගත්තා.. ඌ තාම ‍මැරෙන්න හදනවා. දැන් සයිකො වගේ. ඒ කෙල්ල යාළු වුනේ ඒකිට ඕනෙ සැප (දන්නවනේ) දෙන සල්ලාලයෙක් එක්ක..

    -ඇත්ත කතාවක්-

    ReplyDelete
  2. මගෙ හොඳම යාළුවට වුනෙත් ඔකමයි, මැන්ගෙ කෙල්ලව පනවගෙ ආදරය කලා, කෙල්ලගෙ ගෙදර හිටිය නංගිලා2 මල්ලිලා 2 නටයි කෙල්ලටයි සලකගෙන, අන්තිමෙ අවු5 කට පස්සෙ බඳින්න මාස2කට ඉස්සර කෙල්ල වෙන කොල්ලෙක්ට ලියපු ලිපියක් හම්බුනා, එයා කිව්වා එයා අවු1 1/2 ක් හොරෙන් අර කොල්ලට ලව් කරා කියල, එ කොල්ලා මෙයාව රූම් කිපයකටම අරන් තියෙනව.... එකත් පිලිගත්තා, අන්තිමෙ මගෙ යාළුවා කල කිරිලා ලංකාවෙන් ගියා... දැන් මගෙ යාළුවා ඒ රටෙ කෙල්ලෙක් බැඳලා සතුටින් ඉන්නවා, අර කෙල්ලව අනිත් කොල්ලා බාර ගන්න බැහැ කිව්වා, දැන් එ කෙල්ල ස්ට්‍රිට් ප්‍රොමොශන් කර කර පාර දිගෙ කොල බෙද බෙද (මොබයිල් සිම් පැකෙජ් ප්‍රොමොශ්න්) නංගිලා මල්ලිලා බලාගන්නවා. ඉතින් හිතා ගන්න බැහැ ආදරයෙන් බලා ගන්නද ? රූම් එකකට ගෙනියන්නද කියල ? හි හ් හි....

    ReplyDelete
  3. ඕවා ගැන එච්චර හිතන්නෙපා සහෝ.ඔය හැගීම පුද්ගලයාට ශාපේක්ෂයි. ලංකාවට ආවට පස්සේ අපි සෙට් වෙමුකෝ.එතකොට පුලුවන් ගැබුරින්ම සාකච්චා කොරන්න.ජය...!

    ReplyDelete
  4. ආදරෙත් හරියට ලුණු වගේ.වැඩි වුනත් හොද නැහැ අඩු වුනත් හොද නැහැ.සමහර කෙල්ලෝ ආසයි sex වලට සමහර කෙල්ලෝ වැඩියෙන් කැමති පුජනිය ආදරයකට(හැබයි ඒ වගේ අය හොයා ගන්න පින් කරලා තියෙන්න ඕන.හරියට කළු නික හොයනවා වගේ)සමහර කෙල්ලෝ කැමති sex වලටයි අදරයටයි දෙකටම.සමහර කෙල්ලෝ ආසයි සල්ලි වලට.සමහර කෙල්ලෝ ආසයි කොල්ලාගේ ලස්සනට ( හිතේ තියන ලස්සනට නෙවෙයි දැක්කම පේන ලස්සනට).මේ වලින් තමාගේ කෙල්ල වැඩියෙන් කැමති මොකටද කියලා දැනගන්න තමා දැන ගන්න ඕනේ.එකත් කෙල්ලට නොදැනි.අපි හුගදෙනෙක් කරන මෝඩ වැඩක් තමයි හදවතින්ම කෙල්ලට ආදරය කරන එක.එක වෙන්න ඔනේ 50% - බුද්ධිය 50%-ආදරය.
    මෙතැනදී සංසාරික කර්මයත් බලපානවා.සමහර ඒවා වෙනස් කරන්න පුළුවන් සමහර ඒවා බැහැ.අපි මේ ගැන එච්චර හිතපු නැති හින්දා තමයි ඔය ප්‍රශ්න සිද්ද වෙන්නේ.

    ReplyDelete
  5. ඇත්තටම මම හිතාගෙන හිටියෙ මගේ කෙනා ඇරෙන්න තමංගෙ කෙල්ලට පණ වගේ ආදරය කරන ඇහැක් වගේ රැක බලා ගන්න තවත් කොල්ලො මේ ලෝකෙ නෑ කියල. ඒත් මේ‍ක කියෙව්වම මට හිතුන එහෙම අය ඉන්නව කියල. මේ කියපු විදිහෙ අය ඇත්තටම ඉන්නවනම් ආදරේ හොයන හැම කෙල්ලෙක්ම වාසනාවන්ත වේවි. ඒත් මම ආදරේ කරන මට ආදරේ කරන මට හෙවන දෙන ඒ කෙනා තරම් ආදරේ රැකවරණය දෙන කෙනෙක් මේ ලෝකෙවක් වෙන කිසිම ලෝකෙකවත් නෑ.

    ReplyDelete