සුනාමි අවධානමක්-සීරුවෙන් සිටින්න

සුළු මොහොතකට පෙර සුමාත්‍රා දිවයින ආසන්නයේ 8.7ක විශාලත්වයෙන් භූ කම්පාවක් සිදුවී ඇති අතර වෙරලබඩ ජනතාවට සුනා‍මි තත්වයන් ඇතිවිය හැක. මෙම මුහුදු රළ ඇතිවූවහොත් ප.ව 4.20 පමණ වන විට ලඟාවිය හැකි බවත් දන්වා ඇත. දකුණු,නැගෙනහිර, බස්නාහිර, වෙරළ තීරයේ ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමුවන ලෙස දැනුම් දී තිබෙනවා.

http://tsunami.geo.ed.ac.uk/local-bin/quakes/mapscript/show_map.pl

ඉන්දුනීසියාවේ අද දහවල් ඇතිවූ ප්‍රබල භූකම්පනයෙන් අනතුරුව රටවල් ගණනාවකට නිකුත් කෙරුණු සුනාමි අනතුරු ඇගවීමට ශ්‍රී ලංකාව ද ඇතුළත්ව තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන‍්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්.ඩී. දයානන්ද මහතා පැවසුවේ අද සවස 4.10 වන විට ත්‍රිකුණාමලයට සුනාමි බලපෑම එල්ලවීමට ඉඩ ඇති බවය.

සවස 4.50 වන විට කොළඹට ද, සවස 6 වන විට යාපනයට ද එම බලපෑම එල්ලවනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පැවසීය.
https://www.facebook.com/rasikarrkck


සුනාමි අවධානම පහව යයි. සුනාමි රළ හට ගැනුනහොත් පැමිනෙතැයි අපේක්ෂා කල කාලයන්ට එම තරංග සිදු නොවූ නිසා සුනාමි අවධානම පහව යන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. 


4 comments via blogger:

  1. සත්‍ය තොරතුරු නිවැරදිව දැක්වීම ප්‍රසංශනීයයි

    ReplyDelete
    Replies
    1. මේ වගේ වෙලාවට බොරු ලියලා හරියන්නේ නෑනේ සහෝ :) අපිට කරන්න පුළුවන් දේ අපි මෙහෙම කරනවා. එතකොට තවත් කවුරු හරි දැනුවත් වෙනවානේ.

      Delete
  2. එහෙ කරන්ට් එක කපලා බං. මේව බලන්න විදිහක් නැහැලු !

    ReplyDelete
    Replies
    1. පෝං වලින් තමා බලන්න වෙන්නේ :)

      Delete