ඊලඟ පිටුව

ඔන්න ඉතින් අපි අළුත් වැඩක් කියලා LAN එකක් එහෙම ගහලා සර්වර් එකක් ඇඩ් කරලා පොඩි පහේ නෙට්වර්ක් එකක් හදන්න පටන් ගත්තා. වැඩිය කොම්පියුටර් තිබුනේ නැහැ. කොමිපියුටර් 60ක් වගේ තමා තිබ්බේ. දැන් ඉතින් මේකේ නෙටර්වර්ක් හදන්නත් එපෑය. ඕකට ඉතින් අපි බහින්නේ නැතිව හොද‍ ‍ප්‍රොෆෙෂනල් කෙනෙක් ගෙනාව. යතුරු හරවපු එකේ නෙට්වර්කින් කෝර්ස් එකක් කරපු පොරක්. :D
ඔන්න ඉතින් දැන් මිනිහත් වැඩේට බැහැලා. හරවපු යතුරෙන් දීපු Windows Server OS 2003 එක එහෙමත් සර්වර් එක ෆෝමැට් කරලා දාලා දැන් වැඩේ නැගලා යනවා.

ඔන්න ඉතින් පොර දැන් එක පැත්තක දෙන්නෙක්ට නෙට්වර්ක් කේබල් ක්ලිප් කරන්නත් බාර දිලා තියෙන්නේ. (ඒ මටත් ක්‍රොස් ඕවර් එකක් හදල ඕනේ ඈ...) අර ඩබලට කොල කෑල්ලකුත් දීලා තියෙනවා. අර කේබල් Diagram එකද මොකක්ද කිව්වා.

ඈ කවද අහපු ග්‍රෑම් ජාතියක්ද ඒ කියලා බලලා ආපහු වට පිට බලද්දී අර පොර පොතකුත් තියාගෙන මොනවදෝ කියවනවා.

මම ඉතින් ලඟට ගිහින් ඇහුවා "මොකක්ද බන් ඔය?"

"මචන්, මේකයි බන්. කෝස් එක කරලා අවුරුද්දක් විතර වෙනවානේ. ඒකේ කරපු ඒවා අමතකයි. ඉතින් මම මේ පොතත් ගෙනාව. කෝස් එකේ කරපු පොත බන්."

"පොඩ්ඩක් දියන්කෝ බලන්න."

ශා එලට පොත නම් ලියලා තියෙනවා. ඩොමේන් server එකක් හදන හැටි. ඊලඟට මකන හැටි. පිලිවෙලට ඔක්කොම කියලා දීලා තියෙනවා.

"එල එල මචන්. ඔහොම කරගෙන යමු"

"අනිවා බන්"

දැන් තව ටිකකින් බලද්දී මෙයා ඩොමේන් සර්වර් හදනවා. අවුල් ටිකක් ආවත් මමත් එකතු වෙලා වැඩේ ගොඩ දාගත්ත.

රවුමක් එහෙම ගහලා එද්දී අර අමාරුවෙන් ගොඩ දාගත්ත ඩොමේන් සර්වර් එක මෙන්න මූ අන් ඉන්ස්ටෝල් කරනවා. මටත් මාර අප්සට්. ඇයි මමත් පොර සේ කියලා දුන්නානේ හදන හැටි.

මම ශේප් එකේ ලඟට ගිහින් ඇහුවා "ඇයි බන් මේක අයින් කරන්නේ"

"නෑ බන්. මේක තමයි ඊලඟ ස්ටෙප් එක. බලපන්කෝ පොත අරන් :p"

මමත් පොත ගත්තා. හුටා. මුලින් උන්ට කියලා දීලා තියෙන්නේ ඉන්ස්ටෝල් කරන හැටි. පස්සේ අන් ඉන්ස්ටෝල් කරන හැටි. මේ යකා හිතලා තියෙන්නේ ඒක තමයි ඊලඟට කරන්න තියෙන දේ කියලා.

10 comments via blogger: