අයියා කැරට් තියෙනවාද?

http://urbantitan.com/wp-content/uploads/2010/04/Bugs-Bunny.jpg

මතකද අර හාවයි ඉබ්බායි රේස් එකෙන් පැරදිච්ච හාවා. එන්න ඒ හාවා දවසක් හාඩ්වෙයාර් එකකට ගිහින් ඇහුවාලු
"අයියා, කැරට් තියෙනවාද?" කියලා.


එතකොට ඒ අයියා කිව්වාලු අනේ හාවෝ. මේක හාඩ්වෙයාර් එකක් මේකේ කැරට් නෑ කියලා.

ඉතින් ඊලඟ දවසෙත් හාවා ඇවිත් ආපහු ඇහුවලු
"අයියේ කැරට් තියේද?" කියලා.

එතකොට ටිකක් තරහ ගිය අයියා කිව්වාලු "මෙහේ ඇති කැරටක් නෑ හාවෝ. මේක හාඩ්වෙයාර් එකක්" කියලා.

ඔන්න ඉතින් හාවා ඊලඟ දවසෙත් ඇවිල්ලා ඇහුවාලු "අයියා කැරට් තියෙනවාද?" කියලා.

හොඳටම තරහ ගිය අයියා කිව්වාලු
"ඇයි යකෝ තොට එක පාරක් කිව්වා නේද මේක හාඩ්වෙයාර් එකක් කියලා. ආයේ මේ පැත්තේ ආවොත් මරලා එල්ලනවා" කියලා.

ඉතින් අර හාවා ඊලඟ දවසෙත් ආවලු. ඇවිල්ලා ඇහුවාලු
"අයියා ලණු තියෙනවාද?" කියලා.

මලා. ලණු ඉවරයි.

අයියා කිව්වාලු "අනේ හාවෝ ලණු ඉවරයි නේ" කියලා.

හීන් හිනාවක් දාගත්ත හාවා කිව්වාලු

"එහෙනම් අයියේ දෙන්නකෝ හොඳවයින් කැරට් අලයක්"

15 comments via blogger:

  1. හාවා තමා හාවා :D

    ReplyDelete
  2. haiyo.....mehemat hawek.

    ReplyDelete
  3. මම මේ කතාව කලින් අහලා තියෙනවා උණත්, ආයෙම පාරක් කතාව රස විඳින්න ඒක බාධාවක් උණෙ නම් නෑ. ලස්සනට ලියලා තියෙනවා.

    ReplyDelete
  4. ඕං ඉතිං අද කාලේ හැදෙන හාවන්ගේ හැටි!

    ReplyDelete
  5. ඔය හාවට කැරටි ගන්න වෙන තැනක් තිබුනෙම නැද්ද බන්? :D

    ReplyDelete
    Replies
    1. ඌගේ ෆෝන් එක වැඩ නෑ බන් අහගන්න

      Delete