මචං... ටොයිලට් එක කොහේද?

ඔය හැමෝම වගේ ඉස්කෝලේ එක එක වැඩ වලට, අනං මනං වැඩ වලට යාළුවොන්ගේ ගෙවල් වල එහෙම නයිටවල් අදින්න සෙට් වෙලා ඇතිනේ. දන්නවානේ එහෙම සෙට් වුනාම කෙලින පිස්සු. පේන්ට් වගේ දෙයක් ලඟ පාතක තිබ්බොත් නිදියගන්න එවුන් විනාසයි :D


එහෙම ඉතින් අපේ එවුන් ටික සෙට් වෙච්චි වෙලාවක තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. හැබැයි මම නම් ගියේ නෑ. ඒ වුනත් කථාව දාන්නේ හරියට එතන හිටියා වගේ හරිද ? (නැතිනම් ඉතින් රසයක් නෑනේ ලූ ක්‍රමේට දාද්දී)

ඉතින් ඔහොම සෙට් එක දවසක් ලොකු වැඩකට නයිටක් අදින්න අපි හොඳට දන්න පුද්ගලයෙකුගේ දිහාට එකතුවුනා.

ඔන්න ඉතින් දැන් කට්ටිය වැඩ කර කර ඉඳලා රෑ 12 විතර වෙද්දී එක එකාට නිදිමත. කොහොම හරි සෙට් එක නිදිමත යවාගන්නත් එක්ක සිංදුවක් අහමු කියලා අර මුල් මැෂින් එක අයිතිකාරයාගේ (ගෙදර එකාගේ) ආවරණ කලාපය හෙව්වා. බලද්දී මූ නිදි.

බොහොම අමාරුවෙන් ඇහැරවාගෙන අරූගෙන් ඇහුවා
"මචන්, සිංදු කොහේද තියෙන්නේ?"
"මොන මඟුලක්ද බන්. E: එකේ Songs වල බලහන්"

ඒකරලා ආයෙත් මූ නිදි. දැන් සිංදු දෙක තුනක් අහපු අපේ සෙට් එකට එපා වෙලා චිත්‍ර පටියක් බලමු කියලා හෙව්වා. ඒත් නෑ. ආපහු මූව කූද්දලා,

"මචන්, උඹේ ෆිල්ම් කොහේද බන්?"
"ඇයි යකෝ, නිදාගන්න දියන්කෝ. බලපිය එක්සටර්නල් එකේ ඇති Films එකේ."

මූ ආයෙත් නිදි. පස්සේ එකෙක්ට මේ ‍ෆිල්ම් බල බල ඉන්න අතරේ ‍පරිසරයට විනාඩියක් අවශ්‍යතාවයක් ඇතිවුනා. දැන් ඉතින් ඉන්නේ අරුන්ගේ ගෙදරනේ. අරූව කූද්දලා ඇහුවා,

"මචන්, බාත්රූම් එක කොහේද?"
"මොන මඟුලක්ද යකෝ, D එකේ Softwares වල ඇති ය‍කෝ!!!"



මූඩියක් පිරෙන්න චූ කරන්න බැරි සිල්වා කෙල්ලෙක් පස්සේ යාම


මම මේක ලියන්න කියලත් පටන් අරන් එහෙමම්ම ඉමේජ් එක විතරක් දාලා සේව් කරපු එකක්. අද නම් ටයිප් කරන්න බෑ කියලා හිතෙද්දී තමා මේක ටයිප් කලේ. මොකද ක්ලැවිකල් හරියේ මාර විදියට රිදෙනවා. මොන කෙහෙල් මලක්ද දන්නේ නෑ. එපා වෙනවා.

වැලන්ටයින් සැමරීම...


වැලන්ටයින් ගැන පසුත් නොවන පෙරත් නොවන කෙලින්ම ලයිව් විමසුමක්.
අද ඉතින් වැල(න්ටයින්) දවසනේ. මොකද මේ වරහන් දාලා. ඔව් අද මේ යන විදියට වරහ‍නින් එලියේ තියෙන දේවල් තමා වෙන්නේ.

අම්මේ සමහරුන්ට දැනෙන සතුට අවුරුද්දටම මේ වගේ ආතල් එකක් ගන්න එන දවසනේ නේද? තමන්ගේ උපන්දිනේවත් සමහරු මේ විදියට ආසාවෙන් එනකන් බලාන ඉන්නේ නෑ.

සමහරු අවුරුද්ද පුරාම එකතු කරපු සල්ලි වලින් තමන්ගේ වැලන්ටයින්ට මොනවා හරි අරන් දෙනවා. අයියෝ සල්ලි. මොකක් හරි ලොකු තෑග්ගක් දුන්නාම වැලන්ටයින්ගේ ඇඩ්රස් හොයන්නත් නෑ.

මට මේ සිද්ධිය මතක් වුනේ ගිය පාර අපේ යාළුවෙක්ට වැලන්ටයින් නිසා වුන සිද්ධියක් නිසා.

අර මම කිව්ව විදියට පොරත් අවුරුද්දම සල්ලි එකතු කරලා රුපියල් 30'000ක් එකතු කරගෙන තිබුනා. ඊට පස්සේ අර ඇපල් ගෙඩි ෆෝන් එකක් කෙල්ලට අරන් දුන්නා. පළවෙනි සතිය සුපුරුදු විදියට ගෙවිලා ගියා. දෙවනි සතියේ ඉඳලා ෆෝන් එකට දවසකට රුපියල් 200ක විතර රී ලෝඩ් දාන්න වුනා. හැබැයි ඉතින් දවසකට විනාඩි 5කට වැඩියෙන් කෙල්ල මූත් එක්ක කථා කරන්නෙත් නෑ. ඒ වෙලාවෙත් කෝල් එක ගන්නේ මූ.

ඊලඟ සතියේ අර තියෙන්නේ බූට් මැසේජස්. අන්න එකක් එනවා කොල්ලාගේ ලදරම් ෆෝන් එකට. කියන්න දුකයි ඌ ගාව තියෙන්නේ 3'000හේ චයිනීස් එකක්.

මොනවා කරන්නද, මූත් ඉතින් දුක තමා කියලා වෙන් වෙලා තියෙනවා. පස්සේ දවසක කෙල්‍ලගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් ආරංචි වෙලා තියෙනවා කෙල්ල ෆෝන් එක ලැබුනාට පස්සේ කියලා තියෙනවා මට එයාගෙනුත් තෑග්ගක් ලැබුනා. ආයේ එයත් වැඩක් නෑ කියලා.

හරි ඉතින් ඒ කථාව ඉවරයි. ආයේ ඉතින් කට්ටිය කෑ ගහන්න එපා එක කෙල්ලෙක් එහෙම කලාට හැම කෙල්ලම එහෙම නෑ කියලා. ඇත්ත හැම කෙල්ලම එහෙම නෑ. (ඔන්න ඔන්න කොල්ලා Wrong turn)

ඇත්තටම කියනවානම් දැන් අපේ තරුණ කොල්ලෝ කෙල්ලෝ මේ කරන්නේ ආදරයක් නෙමෙයි කෑදරයක්. 90%ක් දෙනාම කරන්නේ කෑදරයක්.

මම පොඩි දෙයක් කියන්නම් ඔය යාළුවෙලා ඉන්න අයට. අද යන්න තමන්ගේ GF/BF ගාවට. ගිහින් ඇත්තටම කියන්න තමන්ගේ හිතේ එයා ගැන හිතෙන දේ. අර උඩින් කියපු 10% ඇරෙන්න අනිත් අනූවටම කණේ පාර ෂුවර්. ඒත් ඉතින් අර කණේ පාර දීපු එක්කෙනාගේ හැඟීම් කිව්වොත් එහෙම විනාසයි. ඒක නිසා ඒක උවමනා නෑ.

වෙලාවට අපිට අනුන්ගේ සිත් කියවීමේ හැකියාව නැත්තේ. නැතිනම් ගෙවල් ලඟ ඉන්න අයගේ හිත් කියෙව්වොත්, ඒ අයට තමන් ගැන හිතෙන‍ දේවල් කියෙව්වොත් ගම රට දාලා මුහුදට පනින්න හිතෙනවා. ඒක නිසා ඒකත් එපා.

අනික අපේ එවුන් ඉන්නවානේ තියෙන විසේට යාළු වෙලා ඉන්න කෙල්ලගේ යාළුවාගෙනුත් යාළු වෙන්න අහන එවුන්. ඉතින් මම කිව්වේ බොරුද. අද කාලේ ගැණු ළමයි ආරක්ෂා වෙන්නේ ගෑණු ළමයිගේ තියෙන හොඳකම නිසා නෙමෙයි. කොල්ලොන්ට තාමත් ලැජ්ජාවක් තියෙන නිසා. ඔං මං හූණා කිව්වා වගේ කියනවා අපිටත් ලැජ්ජාවක් කියලා දෙයක් නැති වුනොත් වහ කුණු ඈ...

අනික මම කියන්නේ අපිට කෙල්ලක් දැක්කාම එන්න ඕන හැඟීම අර බුදි වදින හැඟීම නෙමෙයි ඕං. (මං මේ කිව්වේ කෙල්ලොන්ට, කෙල්ලෝ තමයි ඒ හැඟීම නොඑන විදියට හැසිරෙන්න ඕනේ)

හැබැයි කෙල්ලෙක් දැක්කාම කොල්ලෙක්ට මෙහෙම හැඟීමක් ආවොත්
"මෙයානම් කසාද බැන්දාට වරක් නෑ"

අන්න නියම කෙල්ලෙක්. ඉතින් ඔය වැලන්ටයින් සමරණ කට්ටිය තමන්ගේ අම්මගේ තාත්තාගේ උපන් දිනෙත් සමරන්න හොදේ. අනික හිතන්න එපා ළහිරුට බූට් වැදිලා කියලා. එහෙම වෙලා නෙමෙයි ඕං මේක ලිව්වේ. අන්තිමට ත් දෙයක් කියලා යන්නම්.

අර සිංදුවක් තියෙනවා නේද මධුරි වගේ නටන්න මට බැරි හින්දාද මොකක්ද කියලා. ආ... නෑ. ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දා කියලා තියෙන්නේ. මම දැන් සින්දුව ආපහු අහනවා. ඔන්න කට්ටියත් අහලා ඉන්න.





මේකේ කියන්නේ ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දා,
මධුරි වගේ අඬන්න බැරි හින්දා,
දෑස අයිශ්චර්යා වගේ නැති හින්දා,
මගේ කොල්ලා මාව දාලා ගියා කියලා.

ඌ සිරාවටම පිස්සු. එක්කෝ මේ සින්දුව ලියපු එකාට පිස්සු.

මම මේ සිරාවටම කොල්ලොන්ගෙන් අහන්නේ. උඹලාගෙන් කවුද බන් හැමදාම අඬ අඬ ඉන්න ඕනේ කියලා කෙල්ලෙක් හොයලා කසාද බඳින්නේ. උඹලාට ඕනේ ඇස් දෙක දිහා බලාන ඉන්නද. නෑනේ. මිනිස්සු කසාද බදින්නේ ඊට වඩා වැදගත් දේවල් වලටනේ. ඉතින් මේ සින්දුවේ තියෙන්නේ මේ විදිය‍ට නටන්න බැරි අඬන්න බැරි නිසා කුමාරයා මෙයාව අතහැරලා දාලා ගිහින් කියලා.

ඒකත් ඉතින් WE report, You decide තමා.

මෙන්න අන්තිමට කියන කථාව

අයිශ්චර්යා රඟපාන්න හොඳයි. හැබැයි බඳින්න හොඳ නෑ.

යන යන තැන Home sweet home කරගන්න

අපේ යාළුවෝ කෙහෙ හරි ගිහාම පරිගණකය පාවිච්චි කරද්දී එන ලොකුම ප්‍රශ්ණයක් තමා තමන් වෙනදා පාවිච්චි කරන මෘදුකාංගය එහෙ නෑ. නැතිනම් මුල ඉඳලා සෙටින්ග්ස් හදන්න වෙනවා. ඔන්න ආයේ එහෙම පුරස්න එන්නේ නෑ මේ විඩියො‍් කෑල්ල බැළුවොත්.
(Thanks goes to Tharindu DW)


Video 1



Video 2



මොකක්ද අමතක වුනේ. ආ... මෙන්න සොෆ්ට් එක බා ගන්න ලින්ක් එක
http://www.brothersoft.com/download-cameyo-467843.html

හාප් සෙන්චරියත් ගැහුවා ඈ...


ආසන්න වශයෙන් තත්පර 17,625,600 ක්. එහෙමත් නැතිනම් දින 204ක්. ඔව් මාස 6යි දින 20ක්. මගේ බ්ලොග් එක ආරම්භ වෙලා දැනට මෙච්චර කාලයක් වෙනවා. 


දවසක් නිකන් ඉන්න ගමන් හිතුනා සිංහල බ්ලොග් එකක් ලියන්න. එතකොටත් මට ඉංග්‍රීසි බ්ලොග් එකක් තිබ්බා. ඒක බලන්නේ මම විතරයි. ඉතින් නිකන් හිතුනා සිංහල බ්ලොග් එකක් ලියන්න. පළවෙනි පෝස්ට් එක ලියන්න පැය භාගයක් විතර ගියා. මොකද සිංහල යුනිකෝඩ් වලින් මම ලියන්න අරන් මාස 2ක් විතර ඇති එතකොට. දැන් නම් අවුලක් නෑ. ඉස්සරට වඩා වේගෙන් ලියන්න පුළුවන්.


මුල්ම පෝස්ට් එකටත් කවුරුත් කොමන්ට් දාලා තිබ්බේ. නෑ. කමක් නෑ මම දිගටම ලියනවා කියලා ලිව්වා. දෙවන පෝස්ට් එකටත් කවුරුවත් කොමන්ට් දැම්මේ නෑ. 


මගේ පෝස්ට් එකකට මුලින්ම් කොමන්ට් එකක් වැටුනේ කවදාද කියලා නම් හරියටම මතක නෑ. හැබැයි මුල්  පෝස්ට් 7න් එකකටනම් නෙ‍වෙයි. 


මම දිගටම ලීවා. ඔහොම කාලයක් ලියද්දී ෆේස්බුක් පේජ් එකක් පටන් ගත්තා. ඒත් එක්කම මගේ හොඳම යාළුවෙක් වෙන සනෝජ් තරංගත් බ්ලොග් එකක් පටන් ගත්තා.


මගේ බ්ලොග් එකේ මුල්ම Follower වුනේ සනෝජ්. කොහොම කොහොම හරි ටිකෙන් ටික බ්ලොග් එක ජනප්‍රිය වුනා. 


ඔය අස්සේ තමයි මටත් වැඩ වැඩි වෙන්නේ. ඉස්සර මුලින් මුලින් සතියකට එක පෝස්ට් එකක් දාපු මම මාසෙකට එක පෝස්ට් එකක් වගේ දාන්න පුරුදු වුනා. 


ඉතින් මම මේ විදියට ඇවිල්ලා තියෙන දුර හොදටම ඇති මේ කාලයට මම කරපු කියපු දේවල් එක්ක ගත්තාම. 


මේ වෙද්දී 15'000කට අධික Page views ගණනක්, බුකියෙන් 150කට වැඩි ගණනක්, Followers ලා 30කට වැඩි ගණනක්. ඉතින් මෙහෙම පිස්සු ලියන බ්ලොග් එකක මිට වඩා මේ පොඩි කාලයට යාළුවෝ එනවාද. ඔය හැම දෙනාටම ස්තූතියි. 


ඒ විතරක් නෙමෙයි. මම ඉස්සරහාට පොඩි පොඩි අළුත් වැඩ ටිකක් කරන්න බලාගෙන ඉන්නවා. ඒවා ගැන දැනගන්න බුකියේ පේජ් එකට සෙට් වෙන්න පුළුවන්. 


ඉතින් ඔන්න මගේ බ්ලොග් කෙල්ලේ 


යා සුසුභ උන් දික්!!!