මචං... ටොයිලට් එක කොහේද?

ඔය හැමෝම වගේ ඉස්කෝලේ එක එක වැඩ වලට, අනං මනං වැඩ වලට යාළුවොන්ගේ ගෙවල් වල එහෙම නයිටවල් අදින්න සෙට් වෙලා ඇතිනේ. දන්නවානේ එහෙම සෙට් වුනාම කෙලින පිස්සු. පේන්ට් වගේ දෙයක් ලඟ පාතක තිබ්බොත් නිදියගන්න එවුන් විනාසයි :D


එහෙම ඉතින් අපේ එවුන් ටික සෙට් වෙච්චි වෙලාවක තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. හැබැයි මම නම් ගියේ නෑ. ඒ වුනත් කථාව දාන්නේ හරියට එතන හිටියා වගේ හරිද ? (නැතිනම් ඉතින් රසයක් නෑනේ ලූ ක්‍රමේට දාද්දී)

ඉතින් ඔහොම සෙට් එක දවසක් ලොකු වැඩකට නයිටක් අදින්න අපි හොඳට දන්න පුද්ගලයෙකුගේ දිහාට එකතුවුනා.

ඔන්න ඉතින් දැන් කට්ටිය වැඩ කර කර ඉඳලා රෑ 12 විතර වෙද්දී එක එකාට නිදිමත. කොහොම හරි සෙට් එක නිදිමත යවාගන්නත් එක්ක සිංදුවක් අහමු කියලා අර මුල් මැෂින් එක අයිතිකාරයාගේ (ගෙදර එකාගේ) ආවරණ කලාපය හෙව්වා. බලද්දී මූ නිදි.

බොහොම අමාරුවෙන් ඇහැරවාගෙන අරූගෙන් ඇහුවා
"මචන්, සිංදු කොහේද තියෙන්නේ?"
"මොන මඟුලක්ද බන්. E: එකේ Songs වල බලහන්"

ඒකරලා ආයෙත් මූ නිදි. දැන් සිංදු දෙක තුනක් අහපු අපේ සෙට් එකට එපා වෙලා චිත්‍ර පටියක් බලමු කියලා හෙව්වා. ඒත් නෑ. ආපහු මූව කූද්දලා,

"මචන්, උඹේ ෆිල්ම් කොහේද බන්?"
"ඇයි යකෝ, නිදාගන්න දියන්කෝ. බලපිය එක්සටර්නල් එකේ ඇති Films එකේ."

මූ ආයෙත් නිදි. පස්සේ එකෙක්ට මේ ‍ෆිල්ම් බල බල ඉන්න අතරේ ‍පරිසරයට විනාඩියක් අවශ්‍යතාවයක් ඇතිවුනා. දැන් ඉතින් ඉන්නේ අරුන්ගේ ගෙදරනේ. අරූව කූද්දලා ඇහුවා,

"මචන්, බාත්රූම් එක කොහේද?"
"මොන මඟුලක්ද යකෝ, D එකේ Softwares වල ඇති ය‍කෝ!!!"



18 comments via blogger:

  1. ඔන්න ඉතිං කස්ටියම D එකේ Softwares වලට බර නිදහස් කරලා ෆිල්ම් එක බැළුවලු

    ReplyDelete
  2. අයියෝ මේක මේ මෙයාලගෙ චූ කතාවක් නෙ..ඉතිං කස්ටිය D එකට ගිහින් වැඩේ කර ගත්තැයි?? :))

    ReplyDelete
    Replies
    1. ඊයා. මේකේ චූ කථා නෑ ශානි. මේක මූත්‍රා කථාවක් :D

      Delete
  3. ඉන්න තැන ඉඳන් ම වැඩේ දුන්නැහැකි නේද....!

    ReplyDelete
  4. කේසින් එකේ දොර ඇරලා ගේම දුන්නද අර අල්මාරියට වගේ :D

    ReplyDelete
    Replies
    1. ඌගේ ලැපක් තියෙන්නේ බන්. හැබැයි ඒකෙත් කවරේ කෑලි නෑ මූ ඒක එහා‍ට මෙහාට විසි කරලා

      Delete
  5. ඊහ්... ඉතින් ටොඉලට් එක තිබුණෙ D වල software වලද? හපොයි............

    ReplyDelete
    Replies
    1. ඒකනම් අහන්න වෙන්නේ අදාල පුද්ගලයාගෙන් තමා

      Delete
  6. LOL :D

    හප්පා... හාඩ් එක ජරාවෙලා ඇතිනේ

    ReplyDelete
    Replies
    1. ඌගේ හාඩ් එකේ ජරා‍ වෙන්න ඉඩ නැතිව ඇති. සිංදු ෆිල්ම් පිරිලා තියෙන්නේ

      Delete
  7. අපොයි ගූ හැත්තෑවයි..

    සිරා බෙලා !

    ReplyDelete
    Replies
    1. ගූ නෙමෙයි. කෙලින්ම බොක 70යි. හික්

      Delete