වැලන්ටයින් සැමරීම...


වැලන්ටයින් ගැන පසුත් නොවන පෙරත් නොවන කෙලින්ම ලයිව් විමසුමක්.
අද ඉතින් වැල(න්ටයින්) දවසනේ. මොකද මේ වරහන් දාලා. ඔව් අද මේ යන විදියට වරහ‍නින් එලියේ තියෙන දේවල් තමා වෙන්නේ.

අම්මේ සමහරුන්ට දැනෙන සතුට අවුරුද්දටම මේ වගේ ආතල් එකක් ගන්න එන දවසනේ නේද? තමන්ගේ උපන්දිනේවත් සමහරු මේ විදියට ආසාවෙන් එනකන් බලාන ඉන්නේ නෑ.

සමහරු අවුරුද්ද පුරාම එකතු කරපු සල්ලි වලින් තමන්ගේ වැලන්ටයින්ට මොනවා හරි අරන් දෙනවා. අයියෝ සල්ලි. මොකක් හරි ලොකු තෑග්ගක් දුන්නාම වැලන්ටයින්ගේ ඇඩ්රස් හොයන්නත් නෑ.

මට මේ සිද්ධිය මතක් වුනේ ගිය පාර අපේ යාළුවෙක්ට වැලන්ටයින් නිසා වුන සිද්ධියක් නිසා.

අර මම කිව්ව විදියට පොරත් අවුරුද්දම සල්ලි එකතු කරලා රුපියල් 30'000ක් එකතු කරගෙන තිබුනා. ඊට පස්සේ අර ඇපල් ගෙඩි ෆෝන් එකක් කෙල්ලට අරන් දුන්නා. පළවෙනි සතිය සුපුරුදු විදියට ගෙවිලා ගියා. දෙවනි සතියේ ඉඳලා ෆෝන් එකට දවසකට රුපියල් 200ක විතර රී ලෝඩ් දාන්න වුනා. හැබැයි ඉතින් දවසකට විනාඩි 5කට වැඩියෙන් කෙල්ල මූත් එක්ක කථා කරන්නෙත් නෑ. ඒ වෙලාවෙත් කෝල් එක ගන්නේ මූ.

ඊලඟ සතියේ අර තියෙන්නේ බූට් මැසේජස්. අන්න එකක් එනවා කොල්ලාගේ ලදරම් ෆෝන් එකට. කියන්න දුකයි ඌ ගාව තියෙන්නේ 3'000හේ චයිනීස් එකක්.

මොනවා කරන්නද, මූත් ඉතින් දුක තමා කියලා වෙන් වෙලා තියෙනවා. පස්සේ දවසක කෙල්‍ලගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් ආරංචි වෙලා තියෙනවා කෙල්ල ෆෝන් එක ලැබුනාට පස්සේ කියලා තියෙනවා මට එයාගෙනුත් තෑග්ගක් ලැබුනා. ආයේ එයත් වැඩක් නෑ කියලා.

හරි ඉතින් ඒ කථාව ඉවරයි. ආයේ ඉතින් කට්ටිය කෑ ගහන්න එපා එක කෙල්ලෙක් එහෙම කලාට හැම කෙල්ලම එහෙම නෑ කියලා. ඇත්ත හැම කෙල්ලම එහෙම නෑ. (ඔන්න ඔන්න කොල්ලා Wrong turn)

ඇත්තටම කියනවානම් දැන් අපේ තරුණ කොල්ලෝ කෙල්ලෝ මේ කරන්නේ ආදරයක් නෙමෙයි කෑදරයක්. 90%ක් දෙනාම කරන්නේ කෑදරයක්.

මම පොඩි දෙයක් කියන්නම් ඔය යාළුවෙලා ඉන්න අයට. අද යන්න තමන්ගේ GF/BF ගාවට. ගිහින් ඇත්තටම කියන්න තමන්ගේ හිතේ එයා ගැන හිතෙන දේ. අර උඩින් කියපු 10% ඇරෙන්න අනිත් අනූවටම කණේ පාර ෂුවර්. ඒත් ඉතින් අර කණේ පාර දීපු එක්කෙනාගේ හැඟීම් කිව්වොත් එහෙම විනාසයි. ඒක නිසා ඒක උවමනා නෑ.

වෙලාවට අපිට අනුන්ගේ සිත් කියවීමේ හැකියාව නැත්තේ. නැතිනම් ගෙවල් ලඟ ඉන්න අයගේ හිත් කියෙව්වොත්, ඒ අයට තමන් ගැන හිතෙන‍ දේවල් කියෙව්වොත් ගම රට දාලා මුහුදට පනින්න හිතෙනවා. ඒක නිසා ඒකත් එපා.

අනික අපේ එවුන් ඉන්නවානේ තියෙන විසේට යාළු වෙලා ඉන්න කෙල්ලගේ යාළුවාගෙනුත් යාළු වෙන්න අහන එවුන්. ඉතින් මම කිව්වේ බොරුද. අද කාලේ ගැණු ළමයි ආරක්ෂා වෙන්නේ ගෑණු ළමයිගේ තියෙන හොඳකම නිසා නෙමෙයි. කොල්ලොන්ට තාමත් ලැජ්ජාවක් තියෙන නිසා. ඔං මං හූණා කිව්වා වගේ කියනවා අපිටත් ලැජ්ජාවක් කියලා දෙයක් නැති වුනොත් වහ කුණු ඈ...

අනික මම කියන්නේ අපිට කෙල්ලක් දැක්කාම එන්න ඕන හැඟීම අර බුදි වදින හැඟීම නෙමෙයි ඕං. (මං මේ කිව්වේ කෙල්ලොන්ට, කෙල්ලෝ තමයි ඒ හැඟීම නොඑන විදියට හැසිරෙන්න ඕනේ)

හැබැයි කෙල්ලෙක් දැක්කාම කොල්ලෙක්ට මෙහෙම හැඟීමක් ආවොත්
"මෙයානම් කසාද බැන්දාට වරක් නෑ"

අන්න නියම කෙල්ලෙක්. ඉතින් ඔය වැලන්ටයින් සමරණ කට්ටිය තමන්ගේ අම්මගේ තාත්තාගේ උපන් දිනෙත් සමරන්න හොදේ. අනික හිතන්න එපා ළහිරුට බූට් වැදිලා කියලා. එහෙම වෙලා නෙමෙයි ඕං මේක ලිව්වේ. අන්තිමට ත් දෙයක් කියලා යන්නම්.

අර සිංදුවක් තියෙනවා නේද මධුරි වගේ නටන්න මට බැරි හින්දාද මොකක්ද කියලා. ආ... නෑ. ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දා කියලා තියෙන්නේ. මම දැන් සින්දුව ආපහු අහනවා. ඔන්න කට්ටියත් අහලා ඉන්න.





මේකේ කියන්නේ ශ්‍රී දේවි වගේ නටන්න බැරි හින්දා,
මධුරි වගේ අඬන්න බැරි හින්දා,
දෑස අයිශ්චර්යා වගේ නැති හින්දා,
මගේ කොල්ලා මාව දාලා ගියා කියලා.

ඌ සිරාවටම පිස්සු. එක්කෝ මේ සින්දුව ලියපු එකාට පිස්සු.

මම මේ සිරාවටම කොල්ලොන්ගෙන් අහන්නේ. උඹලාගෙන් කවුද බන් හැමදාම අඬ අඬ ඉන්න ඕනේ කියලා කෙල්ලෙක් හොයලා කසාද බඳින්නේ. උඹලාට ඕනේ ඇස් දෙක දිහා බලාන ඉන්නද. නෑනේ. මිනිස්සු කසාද බදින්නේ ඊට වඩා වැදගත් දේවල් වලටනේ. ඉතින් මේ සින්දුවේ තියෙන්නේ මේ විදිය‍ට නටන්න බැරි අඬන්න බැරි නිසා කුමාරයා මෙයාව අතහැරලා දාලා ගිහින් කියලා.

ඒකත් ඉතින් WE report, You decide තමා.

මෙන්න අන්තිමට කියන කථාව

අයිශ්චර්යා රඟපාන්න හොඳයි. හැබැයි බඳින්න හොඳ නෑ.

17 comments via blogger:

  1. හිකිස්....අදයි මේපැත්තට ආවේ...
    වටිනා ලිපියක්...
    ඔයාටත් සුභම සුභ වැලන්ටයින්ස් ඩේ එකක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔන්න නිසූ අක්කා මට මඩ ගහනවා හෙම නෙමෙයි හොදේ

      Delete
    2. මලා. දැන් එහෙමනම් මඩම තමා. මොනවද නිපුණි. දාන නමක් හරියට දා ගන්න එපෑය. මම පව්නේ.

      Delete
  2. ai ban ubala comment karanne naththe?liuwe mokak unath kamak ne.comment ekak dapan....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් බැනහන් මට පළු යන්න

      Delete
  3. මාත් ආවේ අදයි... අද හොඳ දවසක් නෙ... හිහි...!!!

    ReplyDelete
    Replies
    1. ඔව්. අපි අද නුවර වටේ පොඩි රවුමක් ගියා. මරු දවස. :D

      Delete
  4. දවස් 365 ම අද වගේ වෙනවනම් හොදයි...

    ReplyDelete
    Replies
    1. අපෝ. අද දැක්ක දේවල් විදියටනම් එපා

      Delete
  5. දවස් 365 ම අද වගේ වෙනවනම් හොදයි...

    ReplyDelete
  6. දවස් 365 ම අද වගේ වෙනවනම් හොදයි...

    ReplyDelete
  7. දවස් 365 ම අද වගේ වෙනවනම් හොදයි...

    ReplyDelete
  8. සිරා නොවැ.. ඔන්න ලහිරුව සෑමගේ බ්ලොග් රෝලටත් දැම්ම...

    කවුද බං ඒ මැටි කොලුවා සහ වෞර කෙලි පොඩිත්ත
    අඩේ අර සිංදුව සිරා. සමිතා අක්කගේ නේද?

    ReplyDelete
    Replies
    1. අපේ සෙට් එකේ එකෙක් තමා ඒ මැටි කොලුවා. අර සිංදුව සමිතා අක්කාගේ (ඇන්ටිගේ) තමා.

      ස්තූතියි සෑම්

      Delete
  9. අයියෝ අපේ සර්ට බනින්න එපා හලෝ... ඕක ලිව්වේ ධම්මික බණ්ඩාර... එයා අපිට සිංහල උගන්නපු සර්... එයා තමා "මගේ පුංචි රෝස මලේ", "හන්තානට පායන හඳ" කියන සිංදු ලිව්වේ.... අද සිට මාත් පස්සෙන් පන්නමි..

    ReplyDelete
    Replies
    1. අපොයි. මදෑ. ඊලඟට බනින්න ගිය සින්දුව තමා මගේ පුංචි රෝස මලේ සිංදුව. දැන් බනින්න එපාද?

      පන්නනවාට ස්තූතියි.

      Delete
  10. ආ.. අදයි මාත් මෙහාට අවෙ.. මේ සිංදුව මම අහලා තියෙනවා... හි හි.. අනේ මංදා.. නෝ කමෙන්ට්ස්...:D

    ReplyDelete